ජාතික ආණ්ඩුවකට මග විවර වේ - ශ්‍රී ලනිපයට ඇමැතිධුර 10ක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එකතුවීමට නියමිත බවත්, මෙය ඓතිහාසික තීන්දුවක් වනු ඇති බවත්, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (22) අලුත්ගම පැවැත්වුණු වෛද්‍ය සායනයක උත්සව සභාවක් අමතමින්ය.

මේ අතර අද පස්වරු 2.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් සකාච්ඡාවක් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත්, ඒ සඳහා පක්ෂ ‍ජ්‍යේෂ්ඨතයින් සහභාගී වීමට නියමිත බවත්, පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම එම අවස්ථාවේදී ශ්‍රී.ල.නි.ප. කිහිපදෙනෙකුට ඇමතිධූර කිහිපයක් ලබාදීමටද නියමිතව ඇති බව නිල නොවන ආරංචි මාර්ග අද දෙරණට සඳහන් කළේය.


Share this