Mar312015

කහවත්තේ මවකගේ සහ දියණියකගේ ඝාතනයේ අධිකරණ තීන්දුව 7 වැනිදා

කහවත්ත, කොටකෙතන මවක හා දියණිය ඝාතනය කිරීම හා සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මැයි මස 07 වැනිදා සිදු කිරීමට නියමිත වනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය විසින් නඩුව ඊයේ (30) කැඳවූ අවස්ථාවේ පැමිණිල්ලේ හා විත්තියේ දේශන පවත්වා අවසන් කිරීමෙන් පසු එසේ දින නියම කළා.

2012 ජූලි 19 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ලියනආරච්චිගේ ප්‍රේමවතී හා ඇගේ දියණිය හේවාගමගේ පුෂ්පකුමාරි තරුණිය ඝාතනය කළ බවට නාමල් චමින්ද සිල්වා, සිසිල ප්‍රියන්ත හා ලොකුගම්හේවගේ සිසිල නමැති විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා නගා තිබෙනවා.

Share this

More Gossip News