Mar192015

ගුවනේදී සූර් වූ විදෙස් කතක් කටුනායකින් රෝහලට

ගුවන් යානයේදී තමන්ට පාලනය වීමට නොහැකි තත්ත්වයෙන් මත්පැන් පානය කර අධික වෙරිමතින් කටුනායක ගුවන් තොටු‍පොළින් පෙරේදා (17) රාත්‍රී මෙරටට පැමිණි කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළ ‍පොලිසිය විසින් මීගමුව දිසා මහ රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ විසිහතර හැවිරිදි රොට්කෝච් නමින් හඳුන්වන ඉන්දුනීසියානු ජාතික කාන්තාවකි. 

එම කාන්තාව පෙරේදා රාත්‍රී රෝහල තුළ කලහකාරී ලෙස හැසිරීම නිසා ‍පොලිස් නිලධාරීන්ට ඇයව මෙල්ල කිරීමට වෙහෙසක් දැරීමට සිදුව ඇත. ඇයව ස්කෑන් පරීක්ෂණයට ලක් කිරීම සඳහා කොළඹ ජාතික රෝහලට යැවීමට කටයුතු යොදා ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

Share this

More Gossip News