මහා පරිමාණයෙන් මෙරටට මත්කුඩු ගෙන්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින වෙලේසුදා මාර්තු මස 23 වෙනිදා දක්වා රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කිරීමට කොළඹ මහාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද අවසර ලබාදුන්නා. කොළඹ මහේස්ත‍්‍රාත් දේවිකා දි ලිවේරා තෙන්නකෝන් මහත්මිය මෙම නියෝගය ලබාදුන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම ඇතුළු චෝදනා 58ක් යටතේ ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේදියි.වෙලේසුදාගේ බිරිඳ සහ තවත් සැකකාරියක් ද අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. එම සැකකරුවන්ගෙන් ද මාර්තු 23 වෙනිදා දක්වා රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කිරීමට මෙහිදී නියෝග කෙරුණා. වෙලේසුදා අධිකරණයට රැගෙන ආවේ දැඩි ආරක්ෂක රැකවල් මැදයි.







