Feb102015

මන්ත්‍රී දුමින්ද රහස් පොලීසියට

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වනවා.

පකිස්ථානයේදී අත්අඩංගුවට ගත් වෙලේසුදා නොහොත් සමන්ත කුමාර නැමැති  මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් පසුගියදා සිදුකළ පාපොච්චාරණයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නම ඇඳී තිබීම හේතුවෙන් මෙලෙස ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව සඳහන්.

එ් අනූව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණෙන ලෙසට දුමින්ද සිල්වා මහතාට දැනුම්දීමක් සිදුකර තිබුණා. 

මේ පිළිබඳව ඉකුත් සතිය තුළ ආන්දෝලානාත්මක පුවත් වාර්තා වෙමින් තිබූ පසුබිමක නීතිඥවරුන් දෙදෙනෙකු සමග දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව වාර්තා වනවා. 

Share this

More Gossip News