ගායක ගායිකා සංගමයෙන් යුග යුග හද රැඳී ගී

ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. යුග යුග හද රැඳි ගී ප්‍රසංගය ලෙස නම් කර ඇති මෙම ප්‍රසංගය ජනවාරි මස 31 වනදා සවස 7ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. 

යුග 5ක ආදරණීය ගී තේමා පාඨය කොට ගත් යුග යුග හද රැඳ ගී ප්‍රසංගය ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කෙරෙනුයේ 50 දශකයෙ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ සිට වත්මන් නව පරපුරේ ගායක ගායිකාවන් 100කට වැඩි සහභාගිත්වයෙනි. ගායක ගායිකා සංගමයේ නව සභාපති කීර්ති පැස්කුවල් මහතාගේ මගපෙන්වීම මත මෙම ප්‍රසංගය සංවිධාන කෙරෙන බවයි ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය පවසන්නේ. 

ඡායාරූප - ගිතේන්ද්‍ර ලියනගේ

















Share this