National Youth Sports Festival 2016

ජාතික යෞවන ක්‍රීඩා උළෙල බදුල්ලේ දී ඇරැඹෙයි

ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධාන කරන 28වැනි ජාතික ක්‍රීඩා උළෙල ඊයේ (22) බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

අවුරුදු 20න් පහළ සහ ඉහළ ලෙස කාන්තා පිරිමි ලෙස කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන තරගාවලියට දිවයිනේ සියලුම දිස්ත්‍රික් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකා‍වෝ 2500කට අධික පිරිසක් එක්ව සිටිති.

විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සමාරම්භක උළෙලේ ඔලිම්පික් පහන දැල්වීම බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සෙන්ටට් යෞවන සමාජයේ එන්.එම්.චානුක චතුරංග සහ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වීනස් යෞවන සමාජයේ ශෂිකා ලක්‍ෂානි විද්‍යා ගුරුගේ විසින් සිදු කෙරිණි. ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ ඩබ්.ජී.එස්.එරන්දික මහතා සහ ඌව පළාත් ආණ්ඩුකාරවරයා සමග බදුල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන් පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ. මේ ක්‍රීඩා උළෙල 25වැනිදා නිමාවට පත්වීමට නියමිතය.



Share this