Bharatha murder suspect shot - Dematagoda Chaminda injured .

භාරත ඝාතන නඩුවේ සැකකරුවන්ට වෙඩි - දෙමටගොඩ චමින්ද රෝහලේ

සැකකරුවන් රැගෙනයමින් තිබූ බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. අලුත්කඩේ උසාවි සංකීර්ණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට සැකකරුවන් රැගෙන යමින් සිටියදී දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව ආසන්න ප්‍රදේශයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙමටගොඩ චමින්ද රෝහල් ගතකර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර දෙමටගොඩ  චමින්ගේ බඩ ප්‍රදේශයට වෙඩි වැඩි ඇති බවයි වාර්තා වන්නේ. එසේම දෙමටගොඩ චමින්ද ශල්‍යකර්මයක්ද සිදු කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ සැකකරුවන් වන ඔවුන් අද දිනයේ අධිකරණයට කැටුව ආ තිදෙනා අලුත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගය සඳහා ඉදිරිපත් කිරීමට රැගෙන ගිය බව සඳහන්ය.

Share this