පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කළ තරුණයා ඒ අසලම ගෙළ වැළලා ගනී (වීඩියෝ)

මිද්දෙණිය කාරියමඩිත්ත ප‍්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කල බවට සැක කෙරෙන පුද්ගලයකු ගෙළ වැලලාගෙන මියගොස් තිබෙනවා. අද පෙරවරුවේ මෙම ඝාතනය සහ ගෙළ වැලලා ගැනීම සිදුව ඇතැයි සඳහන්. මරණයට පත්වී ඇති එක් පුද්ගලයකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ගෙල කපා ඝාතනය කර ඇති බවයි පොලිසිය කියාසිටියේ. 

මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ඊයේ රාත‍්‍රී සාදයකට සහභාගී වී යළි පැමිණෙමින් සිටියදී ඝාතනයට ලක්ව ඇතැයි අනාවරණ වී තිබෙනවා. 

මෙම මළ සිරුර ඇති ස්ථානයට මීටර් 500 ක් පමණ දුරින් ගෙල වැළලාගෙන මියගිය පුද්ගලයකුගේ සිරුරක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

ඔහු අවුරුදු 48 ක අයෙක් බවයි වාර්තා වන්නේ. වලස්මුල්ල මහේස්ත‍්‍රාත් විසින් මහේස්ත‍්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.  මෙම ඝාතනය සහ ගෙළ වැලලා ගැනීමේ සිද්ධිය අතර සම්බන්ධයක් පවතී ද යන්න සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.





Share this