Dec132015

අලුත්ම ගායිකාව ජැකලින්

බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පායන තරු රැසක්ම දැන් රසික පිරිස හමුවට පැමිණ සිටිනවා. ප්‍රියංකා චොප්රා, සොනාක්ෂි සිංහ, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් ඒ අය අතරින් කැපී පෙනෙනවා. මේ නිළි ගායිකාවන්ගේ කණ්ඩායමට අලුතින්ම එක්වන්නිය තමයි, ජැකලින් ෆර්නැන්ඩස්. මේ රුවැති තරුව ගායන ලොවට පිවිසෙන්නේ ජනප්‍රිය නළු සුරාජ් පන්චෝලි සමඟ සංගීතමය වීඩියෝ පටයක රංගනයට ද එක්වෙමින්. මේ ගීතයම වීඩියෝවේ ජැකලින් සමඟ පසුබිම් ගීතය ගායනා කරන්නේ ජනප්‍රිය රැප් ගායකයෙකු වන ගුරින්දර් සේගාල්. ප්‍රේමණීය හැඟුමින් යුතු අදහසක් කැටි වූ මේ ගීතය ජැකලින් දක්ෂ ලෙස ගායනා කරනු නිසැක බවයි ගුරින්දර් සේගාල් පැවසුවේ. මේ ගීතය පටිගත කර, ඉන් පසුව එහි වීඩියෝ පටයේ දර්ශන රූගත කිරීම මේ දෙසැම්බර් මාසයේ අගදී සිදු කරෙනු ඇතැයි පැවසෙනවා. රූගත කිරීම් ඩුබායි දේශයේ දී සිදු කිරීමට දැන් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Share this

More Gossip News