හිරුණිකාටත් ජයසිරි මංගලම් - ඡන්දෙට කලින් මංගල්‍යයට සූදානම්


බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඉතා නුදුරු දිනකදීම යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව වාර්තා වනවා. අපට ලැබී ඇති තොරතුරු වලට අනුව නම් ලබන 6 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී විවාහ මංගල්‍ය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. 

ප්‍රේම සම්බන්ධතාවක්‌ මත සිදුවන මෙම විවාහයේ සාක්‍ෂිකරුවකු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අත්සන් තැබෙනු ඇතැයි ද පැවසේ.



විවාහ මංගල්‍යය සඳහා එම පවුල් දෙකට ඉතාම සමීප සුළු පිරිසකට පමණක්‌ ආරාධනා කර ඇතැයි පැවසේ

ඇය සමඟ අතිනත ගන්නේ මෙරට ප්‍රකට මෝස්‌තර නිරූපණ ශිල්පියකු මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන කඩවසම් තරුණයකු බව එම පවුලේ ආරංචි මාර්ග කියා සිටියේ. 

එසේම දේශපාලනයට සම්බන්ධ අයෙක් සමග විවාහවන බවට තවත් ආරංචි පැතිරෙමින් පවතිනවා. 

Share this