එහිදී අමාත්‍යවරිය මෙසේද ප්‍රකාශ කළාය, “ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය ඉවර වෙලා අපි හිතුවේ පාර්ලිමේන්තුව 9 වැනිදා විසුරුවයි කියලා. එහෙම කළා නම් අද ඔය මහින්ද රාජපක්ෂ වටේ ඉඳගෙන ඉන්න අයට විශ්‍රාම වැටුපවත් නෑ. ඒක ආරක්ෂා වුණෙත් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් පිංසිද්ධ වෙන්න. අද බොරුවට මහින්ද වටේ ඉඳගෙන කෑ ගහනවා. මේ මන්ත්‍රීවරු ටික අපට පාර්ලිමේන්තුවේ වැඩ කරන්න දෙන්නේ නෑ. පාර්ලිමේන්තුව රැස්වෙන්න දෙන්නේ නෑ. අද මුළු පාර්ලිමේන්තුවම අක්‍රිය කරන්න මේ හොරු රැළ උත්සාහ කරනවා.”
