තිස්ස අත්තනායක කියන්නේ පසුගිය ජනාධිපති වරණ සමයේ වැඩි දෙනා අතර කතා බහට ලක්වුණු චරිතයක්නේ. ඒත් එක්කම වගේ ඇයගේ දුව වන දුල්මිණි අත්තනායක ගැනත් වැඩි දෙනා අතර කතාබහට ලක්වුණු අතර ෆෙස් බුක් පිටු හරහා නොයෙකුත් ආකාරයේ ප‍්‍රචාරයන් ඇය පිළිබඳව දියත් විය.
කෙසේ වෙතත් අදාළ කරුණු කාරනා හරහා දුල්මිණි අත්තනායක ලංකාවේ විතරක් නෙවේ ලෝකය පුරා ප‍්‍රසිද්ධ වෙන්න ගත්තා. ඒත් එක්කම වගේ දුල්මිණි දේශපාලනයට පැමිණෙනවා වගේ කතාත් සමාජය පුරා සමාජගත වෙන්න ගත්තා. ඒ පිළිබඳව අපි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතාගෙන් විමසුවා.
එතකොට මන්ත‍්‍රීතුමා කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
"ඇත්තටම ඇය දේශපාලනයට එන්නේ නැහැ. මම සිරගත වෙලා ඉන්නකොට එක්තරා අවස්ථාවක තමයි මගේ දුව ගැන බෑණාවරුන්ගේ සංගමය සහ අනෙකුත් වෙබ් අඩවි හරහා ප‍්‍රචාරයක් සිදුවුණේ.
ඇය දැනට රැකියාවක් කරනවා. දේශපාලනයට එන්න ඇයගේ බලාපොරොත්තුවක් නැහැ. මොකද මම දේශපාලනය කරපු කෙනෙක් හැටියට මම දන්නවා දේශපාලනයේ තියෙන හොඳ නරක දෙකම. ඒ වගේම දේශපාලනය කියන්නේ දැන් නම් මහ මඩ වගුරක්."
එත් එක්කම දුල්මිණි ප‍්‍රසිද්ධ වෙන්න තවත් ඒක කාරණයක් තමයි ෆෙස් බුක් හරහා "බැණාවරුන්ගේ සංගමය" කියලා පිටුවක් සකස්වෙලා වී තිබීම. ඒ ගැනත් අපි ඒ මහතාගෙන් විමසුවා.
අත්තටම මම සිරගතව සිටි කාලයේ "බෑණාවරුන්ගේ සංගමය" කියලා පැය 72ක් ඇතුළත ෆෙස් බුක් අඩවියක් හදලා ඒ කණ්ඩායම ලබාදුන් සහයෝගයට මම ස්තූති වන්ත වෙනවා. ඇත්තටම මම දැක්කා පැය 72ක් ඇතුළත ලයික් විස් එක්දාහක් ලැබිලා තිබුණා. ඒක හොඳ ආරම්භයක් . ඇත්තටම සීමිත කාලයක් තිස්සේ ඒ තරම් විශාල ලයික් ගොඩක් ගැනීම සම්බන්ධයෙන් අදාළ කරුණ ගැන තිබුණු උනන්දුව මොන වගේද කියලා හිතාගන්න පුළුවන්.
මාව සිරගත කරලා තිබුණු අවස්ථාවේදී මම දැක්කා වෙබ් අඩවි මගින් දැඩි විරෝධයක් . ඒවාට දාල තිබුණු අදහස් මම බැලූවා. ඒවායේ තිබුණා මට සුබ පතලා, ඒ වගේම ධෛර්යය දීලා, මම ඒ දේවල් කරපු හැමෝටම ස්තූති වන්ත වෙනවා. මොකද ඒක හොඳ ආරම්භයක්. ඒකෙන් හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් වුණා.
ඒත් එක්කම මම දෙයක් කියන්න ඕන මේ වෙබ් අඩවි සහ ෆෙස් බුක්වලින් වන සංනිවේදනය ගොඩක් දියුණු වෙලා. සමහර අය මට දුරකතනයෙන් කතා කරලා කියනවාට වඩා ෆෙස් බුක් එක හරහා තමයි පණිවිඩ දෙන්නේ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ෆෙස් බුක් විශාල පෙරළියක් කරා මේ රටේ. හැබැයි ෆෙස් බුක් භාවිතා කරන අය ඒ සඳහා පණිවිඩ දෙන අය මීට වඩා සංවර වීම නම් වැදගත්. මේක වගකීමකින් සකස් කරගන්නවා නම් අනාගතයේදී මීටත් වඩා සන්නිවේදන මාර්ගයක් හැටියට මෙන්ම ප‍්‍රතිඵලදායි ලෙස වේගයෙන් සහ හොඳට සන්නිවේදයට ලන්වෙන්න පුළුවන් මාධ්‍යයක් වෙයි. ”