ජපන් කාමුක චිත්‍රපට ක්ෂේත්‍රය ප්‍රබල අර්බුදයක - නිළියන් 10,000කට ඉන්නේ නළුවන් 70ක්ලු

ජපානයේ කාමුක චිත්‍රපට ක්ෂේත්‍රයේ මේ වන විට පිරිමින්ගේ හිඟයක් ඇති වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජපානයේ මෙම ක්ෂේත්‍රයේ වටිනාකම ඩොලර් බිලියන 20ක් පමණ වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. එලෙස විශාල මුදල් සම්භාරයක් උපයාගත හැකි මෙම ක්ෂේත්‍රයේ පිරිමින්ගේ හිඟය මේ වන විට දරුණු ලෙස එයට බලපා තිබෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ කාමුක නිළියන් 10,000කට ඇත්තේ පිරිමින් 70ක් පමණක් වන බවයි. මේ පිළිබඳව තොරතුර පවසා ඇත්තේ Ken Shimizu වන වයස 35ක් පමණ වන අයෙකුයි. ඔහු විසින් මේ වන විට චිත්‍රපට 7500ක පමණ රඟපා ඇති බවත් කාන්තාවන් 8000කට වඩා ඇසුරුකර ඇති බවත් පවසනවා. 


එක් දිනකදී අවම වශයෙන් චිත්‍රපට 3ක් හෝ රඟපාන බවට පවසන මොහුගේ කුඩා කළ සිහිනයක් වී ඇත්තේද මෙම ක්ෂේත්‍රයේ රංගනයේ නිරතවීමයි. ඒ අනුව වසර 17ක් දැනට මෙහි නිරතවන මොහු පවසන්නේ වයස අවුරුදු 100දි වූවද තමන්ට රඟපෑමේ හැකියාව ඇති බවයි.

විවාහ නොවී, කාන්තාවන් හෝ තරුණියන් ඇසුරු නොකර ජීවත්වීම ජපානයේ පිරිමින්ගේ නව ප්‍රවනතාවක් වී ඇති බවට මෙම ක්ෂේත්‍රයේම නියැලී සිටින පිරිස් පවසන අතර ඔවුන් අනෙක් අයට වඩා මානසික දුර්වල පිරිසක්ද වන බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත් මෙම පිරිමින්ගේ හිඟයට පිළියමක් කඩිනමින් අවශ්‍ය බවටද ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිස් පවසනවා.

Share this