Apr102015

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර කටාර් යන්න හැදූ 17 හැවිරිදි තරුණිය මාට්ටු

ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් කටාර් රාජ්‍යයේ රැකියාවට යාම සඳහා පුහුණු වීමට පැමිණි වයස අවුරුදු 17 තරුණියක විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන  තිබෙනවා.

ජා ඇල, තුඩැල්ල ප්‍රදේශයේ පිහිටි පුහුණු මධ්‍යස්ථානයකදී තරුණිය අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේය.
අදාළ තරුණිය කින්නියා, පුවරසන්තිව් ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අද දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඇය අධිකරණයේදී වරද පිළිගත් හෙයින් රුපියල් 10,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරුණා.

Share this

More Gossip News