හංසිකාටත් ‘වීඩියෝ ප්‍රශ්නයක්’

ජනප්‍රියත්වයෙන් ඉහළට ඇදී එන නවක නිළියන්ට විඳීමට සිදුවී ඇති අමිහිරි අත්දැකීම් නම් එමටයි. ඒ අතරින් වඩාත් ප්‍රචලිත වී ඇති අත්දැකීමක් තමයි නිරුවත් චලන රූප අන්තර්ජාලයට එක්කිරීම. මෙලෙස අන්තර්ජාලයට එක් කෙරෙන්නේ එම දර්ශනවල සිටින්නේ ජනප්‍රිය නිළියන් යැයි හඳුන්වා දීමෙන්. හඳුනා නොගත් පුද්ගලයන් විසින් සිදුකරනු ලබන මෙම ක්‍රියා නිසා ජනප්‍රිය නවක නිළියන් දැඩි අපහසුතාවන්ට පත්වූ බව නිතරම අහන්නට ලැබුණා.

බොලිවුඩ් සිනමාවේ නිරතුරුවම සිදුවන මේ අකටයුත්තට මෑතකදී ගොදුරු වූ නවක නිළිය හංසිකා මොට්වානි. මේ වන විට 23 වැනි වියෙහි පසුවන ඇය කුඩා කාලයේදී බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම ළමා චරිත රඟපා තිබෙනවා. ඉන් පසුව යොවුන් වියේදී ඇය රඟපා ඇත්තේ දෙමළ සහ තෙළිගු චිත්‍රපටවලයි. දකුණු ඉන්දීය චිත්‍රපට වෙනුවෙන් ද පවත්වන ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළේදී 2007 නැඟි එන නවක නිළියට හිමිවන සම්මානය දිනා ගන්නටත් හංසිකා සමත් වුණා. මේ වන විට ඇය කාර්යබහුල නිළියක් බවට පත්ව සිටිනවා. 2015 වසරේදී තිරගත වීමට නියමිත ‘වාලු’, ‘රොමියෝ ජුලියට්’ ඇතුළු තවත් දකුණු ඉන්දීය චිත්‍රපට කිහිපයකම ඇගේ රඟපෑම් ඇතුළත් වී තිබෙනවා. උපතින් දෙමළ ජාතික නිළියක වුවද ඇය බෞද්ධාගම්කාරියක්.
හංසිකා පෙනී සිටිනවා යැයි හඳුන්වා ඇති මේ වීඩියෝ පටයේ ධාවන කාලය විනාඩි 2 යි. කිසියම් තරුණියක් නාන කාමරයක නිරුවතින් සිටින අවස්ථාවක් එහි දැක්වෙන බවත් එම තරුණියගේ මුහුණ හංසිකාට බෙහෙවින් සමාන නිසා ආන්දෝලනාත්මක වාතාවරණයක් මතුවී ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසනවා. මේ දර්ශනය රූගතකොට ඇත්තේ එම නාන කාමරයේ කිසිවකුට නොපෙනෙන ලෙස, අටවා තිබූ ජංගම දුරකථනයකින් යැයි ද පැවසෙනවා. කෙසේ වෙතත් හංසිකා පවසන්නේ එහි සිටින්නේ තමන් නොවන බවයි.

Share this