අධෝ මුඛයෙන් පිට වන වායුව රෝග ගණනාවක් හඳුනාගැනීමේ හොඳ ක්‍රමයක් බව ඕස්ට්‍රේලියාවේ රෝයල් මෙල්බර්න් ටෙක්නොලොජි ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබෙනවා.
ආහාර ජීර්ණයේ අතුරු ඵලයක් ලෙස නිපදවෙන වාතය පරීක්ෂා කිරීමෙන් මහබඩවැලේ පිළිකා, බඩවැලේ වේදනාකාරී තත්ත්වය, නිරාහාරව සිටීම නිසා ඇති වන පිළිකා ආඝාතය, හෘදයාබාධ, ආතරයිටිස්, වියපත්වීම හා භින්නෝන්මාදය වැනි රෝග හඳුනාගත හැකි බව ඔවුන් පවසනවා.
ජීර්ණ පද්ධතියේ ආහාර බිඳ හෙළන බැක්ටීරියා පිට කරන වායු වර්ගවලින් එකක් වන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්ය. එහි ප්‍රමාණය හා ගන්ධය මනින සංවේදකයක් මඟින් රෝග නිර්ණය සිදු කෙරෙනවා.
මීට සමගාමීව උදර රෝග හඳුනාගැනීමට සමත් කරලක්ද විද්‍යාඥයින් නිපදවා ඇත. මිලිමීටර 10ක් පමණ වන මේ කරල ගිලදැමු විට එය සිරුරෙන් පිට වීමට පෙර උදරය අභ්‍යන්තරයේ ඇති දත්ත ජංගම දුරකථනයට ලබා දෙයි.
මේ මඟින් රෝග හඳුනා ගැනීමට අමතරව ආහාර ජීර්ණයේ කාර්යක්ෂමතාව පිළිබඳව ද තොරතුරු දැනගත හැකිය.