වසර ගණනාවක් අදයම් බදු පැහැරහැරී බවට චෝදනා ලත් මහනුවර ගාල්තැන්න ශ්‍රී බද්‍රකාලි අම්මාන් දේවාලයේ දේවගැති ගාමිණි ආනන්ද තැනැත්තාට රුපියල් හතලිස් අට ලක්ෂ අසූ හයදහස් අටසිය හතලිහක(රු:48,86,840.00) දඩ මුදලක් ගෙවන ලෙසට මහනුවර මහේස්ත්‍රාත් ශ්‍රිනිත් විජේසේකර මහතා විසින් නියෝග කර තිබෙනවා.
මෙලෙස නියෝග කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරින් විසින් ගාමිණි ආනන්ද අධිකරණ සිර මැදිරියෙහි රඳවනු ලැබුවා. ඉන් පැයකට පමණ පසු අදාල දඩ මුදල ගෙවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. ඉන් අනතුරුව ගාමිණි ආනන්ද මුදාහැර තිබෙනවා.