Dec292014

ඡන්ද වැඩට සල්මන් ඇතුළු පිරිසක් දිවයිනට

අද උදෑසන කටුනායක ගුවන් තොටුපළට සපැමිණි 9W256 ජෙට් එයාර්වේස් යානයෙන් සල්මන් කාන්,ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් ඇතුළු බොලිවුඞ් නළු නිළි පිරිසක් ලංකාවේ විශේෂ සංචාරයක් සඳහා පැමිණියා.
නිල් බලකායේ ඇරයුමෙන් මෙහි පැමිණ ඇති බව කියන ඔවුන් ජනපතිවරණ ප‍්‍රචාරණයේ 
අවසන් සමයේ මහින්ද රාජපක්ෂ දිනවීමේ මැතිවරණ ප‍්‍රචාරක වේදිකාවලට නැගීමටත් එහිදී ගීත ගායනා කරමින් සභාව පිනවීමටත් සූදානම් වන බව වාර්තා වනවා.
ඉන්දියාවේ පැවති මැතිවරණයේදීත් අගමැති මෝදි දිනවීම සඳහා බොලිවුඞ් නළු නිළියන්ගේ විශේෂ දායකත්වයක් ලැබුණ අතර ඒ අනුව යමින් මෙම වැඩපිළිවෙල සකස් කර ඇත.

Share this

More Gossip News