The hidden truth of Jana Satana Padayathra

පාද යාත්‍රාවේ යටි අරමුණ ගෝඨාභය රජ කරවීමයි - වමේ කේන්ද්‍රය කියයි


ඒකාබද්ධ විපක්‌ෂය සංවිධානය කර ඇති පාද යාත්‍රාවේ යටි අරමුණ මීළඟ ජනාධිපතිවරණයේදී හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා රජකමට රැගෙන ඒම බව වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා ඊයේ (29 වැනිදා) සඳහන් කළේය.

මේ හරහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ බලය ඩැහැ ගනිමින් අදාළ අරමුණ කරා යැමට ඒකාබද්ධ විපක්‌ෂය කටයුතු කරමින් ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මෙම උත්සාහය රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ හැට දෙලක්‌ෂයක්‌ ජනතාවගේ ජීවිත අනතුරට හෙළීමක්‌ බවත් චමීර පෙරේරා මහතා කීවේය.

මෙම උත්සාහය ව්‍යර්ථ කිරීමට ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා ඊයේ (29 වැනිදා) එම අදහස්‌ පළ කළේ මරදානේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Share this