ලොව පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට [UPDATE]

ලොව පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව පළමුව  පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායම තීරණය කරනු ලැබුවා. තරගය ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

============================================

රතු වෙනුවට රෝස පන්දුවක් යොදා  ගනිමින් ලොව පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගය අද ඇරඹෙයි [8.30am]

වසර 138 ක්‌ පැරණි ලෝක ටෙස්‌ට්‌ ක‍්‍රිකට්‌ ඉතිහාසයේ රතු පැහැති පන්දුව වෙනුවට රෝස පැහැති පන්දුවක්‌ යොදා ගනිමින් පැවැත්වෙන පළමු දිවා රාත‍්‍රී ටෙස්‌ට්‌ ක‍්‍රිකට්‌ තරගය අද (27 දා) ඔස්‌ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර ඇඩිලේඞ් හි පිහිටි  ඕවල් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

2009 වසරේදී එම්.සී.සී. ක‍්‍රිකට්‌ කමිටුව විසින් ක‍්‍රිකට්‌ ක‍්‍රීඩාවේ අනාගතය සුරක්‌ෂිත කර ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනූව විවිධ සාකච්ඡුා සහ මත ගැටුම් වලින් වසර හයකට පසුව දිවා රාත‍්‍රී ටෙස්‌ට්‌ තරගයක්‌ සඳහා අවස්‌ථාව උදාවිය.ලෝක ටෙස්‌ට්‌ ක‍්‍රිකට්‌ ඉතිහාසයේ පැවැත්වෙන 2188 වැනි ටෙස්‌ට්‌ තරගය සාම්ප‍්‍රදායික වෙනස්‌කමකින් යුක්‌තව දිවා රාත‍්‍රී පස්‌දින ටෙස්‌ට්‌ තරගයක්‌ ලෙස පැවැත්වීමද විශේෂත්වයකි.

පන්දුවේ පැහැය වෙනස්‌වීමත් සමග විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය සඳහා සුදු ඇඳුම වෙනුවට වර්ණ ඇඳුමක්‌ නිර්දේශ කිරීමට කලින් යෝජනා වී තිබුණද එය ටෙස්‌ට්‌ ක‍්‍රීඩාවේ ගුණාත්මක භාවයට ප‍්‍රශ්නයක්‌ වන බවට මතභේද පැවතුණි.

 කෙසේ වෙතත් නවසීලන්ත පිල ඔස්‌ටේ‍්‍රලියාවේදී දිවා රාත‍්‍රී පුහුණු ටෙස්‌ට්‌ තරගයකට සහභාගි වූ අතර එහිදී සුදු ඇඳුමින් ක‍්‍රීඩා කර තිබේ. ඔස්‌ටේ‍්‍රලියානු වේලාවෙන් ප.ව. 2.00 ට ආරම්භ වන මෙම තරගය දිවා ආහාරය සහ තේ පානයද සම්ප‍්‍රදායකව වෙනස්‌වීම තවත් විශේෂත්වයකි.

1970 සිට ආරම්භ වු එක්‌දින ක‍්‍රිකට්‌ වංශ කතාවේ නව පරිච්ෙඡ්දයක්‌ එක්‌කරමින් ආරම්භ වූ එක්‌දින ක‍්‍රිකට්‌ තරග රටාවේ දිවා රාත‍්‍රී තරග දැන් ලෝක ක‍්‍රිකට්‌ ප‍්‍රජාවම වැඩියෙන්ම ඇලූ‍ම් කරන ක‍්‍රිකට්‌ තරග රටාව බවට පත්ව තිබේ. මෙම තරගය ලෝක ක‍්‍රිකට්‌ රසිකයන්ගේම අවධානයට යොමුවන තරගයක්‌ බවට පත්වීම තමාගේ කණ්‌ඩායමට මෙන්ම නවසීලන්ත කණ්‌ඩායමටද වටිනා අවස්‌ථාවක්‌ වන බව ඔස්‌ටේ‍්‍රලියානු නායක ස්‌ටීවන් ස්‌මිත් පවසයි.

”‍මේක සුවිශේෂී අවස්‌ථාවක්‌. ලෝකය වටේම ඉන්න ක‍්‍රිකට්‌ ලෝලීන් මේ තරගය ගැන අවධානයෙන් ඉන්නවා. ලෝක ටේස්‌ට්‌ ක‍්‍රිකට්‌ ක‍්‍රීඩාවේ ආකර්ෂණය මේ තරගයත් සමග තවත් වැඩිවේවි.”‍‘‘ යනුවෙන් ඔස්‌ටේ‍්‍රලියානු නායකයා පවසයි.

මෙම සුවිශේෂී අවස්‌ථාවක්‌ සනිටුහන් වන දිවා රාත‍්‍රී ටෙස්‌ට්‌ තරගය සඳහා 40,000 ක පේ‍්‍රක්‍ෂක සංඛ්‍යාවක්‌ ඊයේ දහවල් වන විටත් ප‍්‍රවේශපත‍්‍ර මිලදී අවසන් අතර එය ඔස්‌ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර පැවැති අවසන් ටෙස්‌ට්‌ තරගය නැරඹීමට පැමිණි ප්‍රෙක්‍ෂක සංඛ්‍යාවට වඩා දෙගුණයක වැඩිවීමකි.

”‍‘මේක කැපී පෙනෙන දෙයක්‌. ඒ වගේම 40,000 ක්‌ එකවර ටෙස්‌ට්‌ තරගයක්‌ නැරඹීමට පැමිණ සිටින විට ක‍්‍රීඩා කිරීමත් ඉතාමත් පුදුමාකාර දෙයක්‌. විදුලි ආලෝකය යටතේ පස්‌වැනි දිනයේදී තරගයේ තීරණය උදෙසා අවසන් සැසිය ක‍්‍රීඩා කිරීමේදී ප‍්‍රතිඵලය තියුණු වේවි. කොහොම වුණත් මේ ක‍්‍රමය ටෙස්‌ට්‌ ක‍්‍රීඩාව ඉදිරියට යැමට කැපී පෙනෙන දෙයක්‌.‘‘ යෑයි නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් පවසයි.

ලොව පළමු දිවා රාත‍්‍රී ටෙස්‌ට්‌ තරගය ක‍්‍රීඩා කරන නවසීලන්ත සහ ඔස්‌ටේ‍්‍රලියානු කණ්‌ඩායම්

ඔස්‌ටේ‍්‍රලියානු පිල

ජෝ බෲන්ස්‌, ඬේවිඞ් වෝනර්, ස්‌ටීවන් ස්‌මිත් (නායක), ඇඩම් වෝග්ස්‌, ෂෝන් මාර්ෂ්, මිචෙල් මාර්ෂ්, පීටර් නෙවිල්, මිචෙල් ස්‌ට‍්‍රැක්‌, පීටර් සිඞ්ලි, ජෝස්‌ හස්‌ලවුඞ්, නෙදන් ලයන්

නවසීලන්ත පිල

මාටින් ගප්ටිල්, ටොම් ලෙතම්, කෙන් විලියම්සන්, රොස්‌ ටේලර්, බ්‍රෙන්ඩන් මැකලම් (නායක), බී.ෙඡ්. වොට්‌ලින්ග්, මිචෙල් සැට්‌නර්, ක්‍රෙග් බ්‍රේස්‌වෙල්, මැට්‌ හැන්රි හෝ නීල් වොග්නර්, ටිම් සවුති, ටේ‍්‍රන්ඞ් බෝල්ට්‌


Share this