මංතීරු නීතිය අද සිට අකුරටම

කොළඹ ප්‍රධාන මාර්ගවල මංතීරු නීතිය අද (26 වැනිදා) පෙරවරු 6.00 සිට අකුරටම ක්‍රියාත්මක කරන බව පොලිස්‌ මූලස්‌ථානය පවසනවා. ඒ අනුව ප්‍රධාන වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ජයන්තිපුර සිට කොළඹ දක්‌වා වූ මාර්ගයේ වැඩි නිලධාරීන් ප්‍රමාණයක්‌ යොදවා මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

එසේම කොළඹට ඇතුළුවන අනෙකුත් මාර්ගවලද මෙය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක රුවන් ගුණසේකර මහතා පැවසුවේ. මෙහිදී නියමිත මංතීරුවලින් බැහැරව මංතීරු හරහා අපරික්‌ෂාකාරී ලෙස රිය පදවන රියදුරන්ට හා මාර්ගයේ ගමන් කරන පදිකයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔවුන්ට විරුද්ධව අදාළ අධිකරණවලදී නඩු පවරන බවත් ඔහු පැවසීය. 

මෙලෙස නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කරනුයේ රථවාහන තදබදය අවම කිරීම හා රථවාහන අනතුරු අවම කිරීමට බවයි පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ. 

Share this