May122015

20 වැනි සංවත්සරය වෙනුවෙන් සේවකයින් 6400කට දුන්නු සැප ටුවර් එක - Photos

චීනයේ පිහිටි ටියෑන්ස් නම් සමාගමක් විසින් පසුගියදා එහි සේවකයින් 6400කට අපූරු චාරිකාවක් සංවිධානය කර තිබුණා.

මෙලෙස නොමිලේ චාරිකාවක් සංවිධානය කර තිබුනේ එම සමාගමේ 20වන සංවත්සරය වෙනුවෙනුයි. දින 4ක් පුරා නොමිලේ ප්‍රංශයේ සංචාරයේ නිරත වීමට මෙහිදී සේවකියින්ට අවස්ථාව ලැබුණු අතර ඒ හේතුවෙන් ප්‍රංශයේ හෝටල් වල කාමර 5000කට වඩා පිරී ගිය බවත් වාර්තා වනවා.
විශාල බස්රථ සංඛ්‍යාවක්ද මොවුන්ගේ ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති අතර ප්‍රංශය පුරා සාප්පු සවාරියේ නිරත වූ මොවුන් එහි කාලය ගතකර ඇත්තේ මහත් ප්‍රීතියෙනුයි.

මෙම සවාරිය නිසාවෙන් ප්‍රංශයට ඩොලර් මිලියන 14.6ක ආදායමක් හිමිවී ඇති බවටත් වාර්තා වනවා. එමෙන්ම ගිනස් වාර්තාවක් පිහිටුවමින් මෙම පිරිස අපූරු ආකාරය නිර්මාණයක්ද සිදුකර තිබෙනවා.













Share this

More Gossip News