Jan112015

රට ජාතිය බේරාගත් ප්‍රධාන ආහාරය ලෙස නම් කෙරුණු ගාල්ලේ ආප්ප දන්සැල

මෛත්‍රිපාල සිරිසේන මහතා විපක්ෂය සමග එකතුවීමට පෙර හිටපු ජනාධිපති මහින්ද සමග ආප්ප කාපු කතා මැතිවරණ වේදිකාවේ උණුසුම් පුවතක් වුණා. මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන වේදිකාවේ කිව්වේ උදේ මගෙත් එක්ක ආප්ප කාපු සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙලා කියලා, ඒ වගේම නිල් බලකායේ නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිතුමාගේ ජය තහවුරු කිරීමේ පාගමනක එක්ව සිටි අවස්ථාවක දුප්පත් ඇන්ටි කෙනෙක්ගේ ලෑලි කඩයකට ගොඩ වුනා, ඇන්ටි නාමල්ගෙන් අහලා තියෙනවා පුතේ ආප්පයක් කාලා තේ එකක් බොමුද කියලා, අනේ බුදු ඇන්ටි ආප්ප නම් එපා තේ එකක් දෙන්න ඒ ඇති මට කියලා නාමල් එතකොට කියලා තියෙනවා, මේ ආකාරයට අප්ප ගැන බොහෝ තැන්වල කතා වෙන්න පටන් ගත්තා, මෙය මැතිවරණ වේදිකාවේද දැඩි ලෙස කතා බහට ලක්වුනා, එලෙස කතාබහට ලක්වූ ආප්ප රට ජාතිය බේරා ගත් ප්‍රධාන ආහාරය යන තේමාවෙන් යුක්තව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සමරමින් අද පෙරවරුවේ සිංහල මුස්ලිම් ජනයාගේ එතුවෙන් ආප්ප දන්සලක් ගාල්ල කෝන්ගහ හන්දියේදී පැවැත්වුණා, මේ එහි ඡායාරූප එකතුවක්.















Share this

More Gossip News