Jan102015

ගයන්තට මාධ්‍ය - අර්ජුනට ක්‍රීඩා ?

නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රජයේ මාධ්‍ය හා  කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාට හිමිවීමට බොහෝ ඉඩකඩ ඇති බව සිරස ගොසිප් වෙත වාර්තා වී තිබෙනවා. මීට අමතරව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශය අර්ජුන රණතුංග මහතාට හිමිවීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. 

එසේම රෝසි සේනානායක, නවීන් දිසානායක, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, දුමින්ද දිසානායක, පාඨලි චම්පික රණවක, රංජිත් මද්දුමබණ්ඩාර, සජිත් ප්‍රේමදාස, විජේදාස රාජපක්ෂ ඇතුළු 25 දෙනෙකු අමාත්‍ය මණ්ඩලය ලෙස පත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා පවසන්නේ. 

එසේම මීට අමාතරව නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු පත් කිරීමට නියමිතව තිබෙනවා. 

Share this

More Gossip News